එංගලන්තයේ ලන්ඩන් නුවර 13 වැනි වරට පැවැත්වූ “රන් ගැටුම” D S සේනානායක මහානාම ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය මෙවර පැවැත්වූයේ සජීව් ගුණසේකර අනුස්මරණ කුසලානය ලෙසයි.
හසිත ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ප්‍රබල මහානාම කණ්ඩායම DS සේනානායක විද්‍යාලය ලකුණු 30 කින් පරදවමින් කුසලානය තමන් සතු කරගත් අතර හොදම පන්දු යවන්නා ලෙස කඩුලු 5ක් දවාලූ මහානාම නායක හසිත ද සිල්වාත්, තරගයේ වීරයා ලෙස ලකුණු 51 සහ කඩුලු 2 ක් ලබාගත් මහානාම කණ්ඩායමේ චතුර රණ්දුනුත් නම් කෙරුනු අතර හොදම පිතිකරු ලෙස ලකුණු 56 ක් ලබාගත් DS විද්‍යාලයේ තරුෂ තිලකරත්නත් තම කුසලාන හිමිකරගත්හ.
තරග විස්තරය කෙටියෙන් …
සීමිත ඕවර පන්දුවාර 30 තරගයේ කාසියේ වාසිය දිනූ මහානාම කණ්ඩාම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
මාහානාම කණ්ඩායම ලකුණු 147/9
DS සේනානායක විද්‍යාලය ලකුණු 116/10